නිවාඩු පාඩුවේ ඉන්න මුහුද අද්දර ගෙදර

Panadura Home 14

නිවාඩුවක් ගත කරද්දි දැන් හැමෝම හොයන දෙයක් තමයි නිදහස.ගොඩාක් අය ලොකු හෝටල් වල නතර වෙන්න කැමති නැත්තේ ඒ නිසා. එයාලා හොයන නිදහස ඒ හෝටල් වල නැති නිසා. මේ හින්දා බොහෝ දෙනා හොයන්නේ උයාගෙන කන්න පුළුවන් නිදහස් තැනක්. එහෙම නිදහස විවේකය කොළඹ කිට්ටුවෙන්ම හොයන අයට තමයි අපි මෙතන හඳුන්වලා දෙන්නේ.

Panadura Home 08 Panadura Home 13 Panadura Home 09 Panadura Home 01

මේ ගෙදර තියෙන්නේ පානදුරේ. මුහුදු වෙරළ පේන මානයේ ඉදිකරලා තියෙන මේ සුන්දර නවාතැනේ ඉඳලා ඇවිදින දුරින් තමයි මුහුදු වෙරළ තියෙන්නේ. ඒ නිසා මුහුදු සුළං වැදි වැදි අතිශය සුන්දර නිදහස් නිවාඩුවක් ගත කරන්න මේක නියම තැනක්. අංග සම්පූර්න සියලු පහසුකම් සහිත AC කාමර 3කින් සමන්විත මේ ගෙදර විවේකය නිදහසේ ගත කරන්න ඕන තරම් ඉඩකඩ අවකාශය තියෙනවා. 6 දෙනෙකුට කිසිම කරදරයක් නැතුව නිදහසේ ගතකරන්න මෙතන හොඳයි. මේක හරියට Home stay එකක් වගේ. එතනට යන ඔයාලා විතරයි එදාට එතන ඉන්නේ. විශේෂම දේ තමයි අපිටම කෑම බීම හදාගන්න තියෙන පහසුකම්. BBQ එකක් දාගන්නවා නම් ඒකටත් අවශ්‍ය පහසුකම් මෙකතන තියෙනවා.  එහෙම එතන උයාගන්න බැරිනම්  අවට ඕන තරම් රෙස්ටුරන්ට්ස් තියෙනවා රසවත් ආහාර වේලක් ගන්න.

Panadura Home 05 Panadura Home 11 Panadura Home 12 Panadura Home 07 Panadura Home 10 Panadura Home 02 Panadura Home 03

කොහොම හරි ගෙදර වගේ නිදහසේ ඉන්න පුළුවන් මේ සුන්දර නවාතැන සඳහා අයකිරීම රාත්‍රියක් ඇතුළුව දවසක් සඳහා රුපියල් 8000ක් වෙනවා. එතන තියෙන නිදහස හා ආකර්ශණීය බව  වචන වලින් කියන්න බෑ. ඒකට ගිහිල්ලාම බලන්න වෙනවා. මේ නවාතැන වෙන්කරගන්නවා නම් awidimu.com අපිට කථා කරන්න 0773596161 දුරකථන අංකයට.

 

kdktec kdktec

No comments yet.

Leave a Reply