පට්ට සීතල වතුර නාන්න පට්ටරමලේ

Edit 2

මේ දවස්වල ටිකක් රස්නේ වැඩියිනේ ඒ හින්දා සීතල වතුර ටිකක් නාගන්න තිබුනා නම් කොහොම තියෙයිද. සිතල වතුර ටිකකින් නාන්න නම් ඉතින් කන්ද උඩරටටම යන්න වෙනවා . ඒත් ඉතින් සීතලම වතුර තියෙන පැත්තක් වෙන්නත් ඕන . අපි අද ලෑස්ති පිදුරුතලාගල රක්ෂිතයෙන් ගලාගෙන එන දිය පහරක් හරස් කර ඉදිකල ස්භාවික නාන තටාකයක දිය නාන්න යන්න. පිදුරුතලාගල කන්ද වගේම රක්ෂිතය නුවරඑළියට පේන්නේ පොඩි ප්‍රදේශයක් විදියට තමයි. නමුත් පිදුරුතලාගල කන්ද වගේම පිදුරුතලාගල රක්ෂිතයේ විශාලත්වය කොතරම් ප්‍රදේශයක් කරා විහිදි පවතිනවාද යන්න දැක බලා ගන්න පුළුවන් හේවාහැට Rook Wood වතුයාය පැත්තට ගියාම .පිදුරුතලාගල කදු වැටියේ පිටු පස ප්‍රදේශය වන හේවාහැට දෙල්තොට පැත්තට සංචාරකයනුත් ඉතාම අඩුවෙන් තමයි යන්නේ.

Edit 6 Edit 7

Rook Wood වතුයාය දිගේ ආපසු පැමිනි අපි මුල්ඹය ප්‍රධාන මාර්ගයට පිවිසුනා. මුල්ඹය මාර්ගය දිගේ තවත් කිලෝමිටර් 3ක් විතර ඉදිරියට ගමන් කිරිමේදි Hope වතුයාය තමයි අපට හමු වෙනවා . මේ Hope වතුයායේ තමය් සීතල වතුර නාගන්න පුළුවන් සුන්දර පට්ටරමලේ තියෙන්නේ. තවත් ටික දුරක් ඉදිරියට ගියාම හෝප් වතුයායේ තේ පැක්ට්‍රිය දකින්න පුළුවන් . පැක්ට්‍රිය පහුකර ටික දුරක් ගියාම හෝප් හන්දිය හමුවෙනවා . හෝප් හන්දියෙන් තමයි මේ පට්ටරමලේ ස්භාවික නාන තටාකයට යන්න තියෙන්නේ. හෝප් හන්දියෙන් වමට දිවෙන වතු මාර්ගය දිගේ ටික දුරක් ඉදිරියට යනකොට විශාල ගල් කුට්ටි විසිරි තිබු විශාල ප්‍රදේශයක් දකින්න පුළුවන් .

Edit 5 Edit 8

වතු නිවාසත් පසුකරගෙන කන්ද ඉහලටම යන්න ඕන . කන්ද ඉහලදි පෙනෙන මහා වනයක් කරා පාරක් තියෙන බව දකින්න පුළුවන් . මෙන්න මේ පාරෙන් ගියාම මෙතනට යන්න පුළුවන්. පට්ටරමලේ කොටසේ ඉහලටම ගමන් කලාට පස්සේ  ස්වාභාවික නාන තටාකයට ලගා වන්නට පුළුවන් . අතර මගදි මාර්ගය බෙදෙන ස්ථානයේදි නාම පුවරුවක් සවිකර තියෙන නිසා තැන හොයා ගන්න නම් එතරම් අපහසුවක් නැහැ. තේ වතු යාය අවසන් වි රක්ෂිතය ආරම්භ වන ස්ථානයේ තමයි මේ ස්භාවික නාන තටාකය පිහිටලා තියෙන්නේ .

Edit 1 Edit 3 Edit 4 Edit 9

පිදුරුතලාගල රක්ෂිතයෙන්  ඇරඹෙන පට්ටරමලේ ඇළ හරස් කර 2011 වර්ෂයේ හිටපු වතු අධිකාරි සංඡිව ගුණසේකර තමයි ඇත්තටම මෙම සුන්දර නාන තටාකය ඉදිකරන්න මුලික වෙලා තියෙන්නේ. එ වගේම මේ කාර්ය සදහා සහකාර වතු අධිකාර ලෙස හිටපු චාමිකද සිල්වා ,අමිල සුඡාන් සහා සහකාර Feild Officer  ඉලංගකොන් මහතාත් සහය දුන් බව එතන සවිකරලා තියෙන නාම පුවරුවේ සදහන් කරලා තියෙනවා. ඇළ පාර අයින දිගේ කැළය ඇතුලට ගමන් කිරිම සදහා ඉදිකරලා තියෙන ප්‍රවේශ මාර්ගයත් එක් කරන්නේ අමුතුම සුන්දරත්වයක් තමයි. ඒ එක්කම ඇළ හරහා ලී වලින් ඉදිකල පාලම හරි අපුරු නිර්මානයක් තමයි. නාන තටාකය ආසන්නයේම ඉදිකර ඇති ගිමිහාන කුටිය නිසා නාන තටාකයේ සුන්දරත්වය තවත් වැඩි වෙනවා. මී වන ශාක වගේම නාන තටකය අවට ගස් කොලන් වල බැදි පාසි සහිත ශක නිසා පරිසරයේ සුන්දරත්වය තවත් වැඩියි.

ඔබ දවසක යනවානම් මෙන්න මෙහෙමයි යන්න ඕන. මහනුවරින් රඡ මාවත දිගේ රිකිල්ලගස්කඩට ඇවිත් එතනින් හේවාහැටට ඇවිත් දෙල්තොට පැත්තට කි.මි.2න් විතර ගමන් කරන විට හමුවන මුල්ඹය හන්දියෙන් වමට දිවෙන මුල්ඹය මාර්ගයේ කි. මි.4ක් පමන ගමන් කරන විට හමුවන හෝප් තේ පැක්ට්‍රිය පහුකරලා මිටර් 300 ක් ඉදිරියට යන විට හමුවන හෝප් මන්සන්දියෙන් වමට දිවෙන වතු මාර්ගයේ කි.මි.2ක් ඉහලට ගමන් කල පසු ස්භාවික නාන තටාකය දැක බලා ගන්න පුවවන් .හැබැයි ඉතින් මේ වගේ තැන් වලදි මත් පැන් පානය නොකර අනිත් අයටත් හිරිහැරයක් නොවන ආකාරයට කටයුතු කරන්න කියලා පුංචි ඉල්ලිමකුත් කරනවා.

සටහන/ඡායාරූප – අනුර පල්ලමුල්ල

 

KANDY, DELTHOTA , Piduruthalagala , Rock wood Estate

kdktec kdktec

No comments yet.

Leave a Reply