පේරාදෙණියෙන් සුන්දර බංගලාවක්

Peradeniya 05

පේරාදෙනිය කියන්නේ නුවර තියෙන සුන්දරම ප්‍රදේශය. ඉතින් ගොඩාක් දෙනෙක් මේ සුන්දරත්වය, දේශගුණය සහ බලන්න යන්න බොහෝ දේවල් තියෙන නිසා නිවාඩුවට යන්න දා ගන්නවා මහනුවර. එත් එහෙම ගියාම නතරවෙන්නේ කොහේද? අපි දන්නවා මහනුවර කියන්නේ සංචාරක පුරවරයක් නිසා සංචාරක හෝටල් ඕන තරම් තියෙනවා. හැබැයි ඒවා ගොඩාක් ගණන්. ලංකාවේ අය ගොඩාක් වෙලාවට කැමති ලොකු හෝටලේක ඉන්නවාට වඩා නිදහසේ තනි බංගලාවක් වගේ තැනක නතර වෙන්න. එහෙම බලන අයට මේ නවාතැන නියමයි.

Peradeniya 07Peradeniya 06 Peradeniya 09

මේ නවාතැන්පළ තියෙන්නේ පේරාදෙණියේ උඩ පේරාදෙණිය කියන ප්‍රදේශයේ. ඒ කියන්නේ පේරාදෙණිය මල්වත්ත ළඟින් කැම්පස් පාරේ ගියාම මෙතනට යන්න පුළුවන්. මේක බංගලාවක්. 15 දෙනෙකුට නතරවෙන්න පුළුවන්. කාමර 7ක් තියෙනවා. ෆැමිලි රූම් 1ක්, ඩබල් රූම් 3ක් සහ තනි කාමර 3ක් විදිහට. මේවා තනි කාමර වුනාට තරමක් විශාල කාමර. මේ බංගලාවේ උණු වතුර නාන්න පහසුකම් , TV, wifi මේ හැම පහසුකමක්ම තියෙනවා. මේ සියලු සැප පහසුකම් එක්ක සුන්දර නිවාඩුවක් ගත කරන්න මෙතන නියමයි.

Peradeniya 04 Peradeniya 03 Peradeniya 02

පේරාදෙණිය මල්වත්තට ඇවිදින දුරක් තියෙන්නේ. දළදා මාළිගාවට , මහනුවර නගරයට පහසුවෙන්ම යන්න පුළුවන්. ඒ වගේම මේ පිංතූරේ දැක්වෙන පාලම Wedding Preshoot වගේම Photo shoot වලට ප්‍රසිද්ධයි. මෙතනට කිට්ටුව තමයි මේ බංගලාව පිහිටලා තියෙන්නේ. ඒ නිසා Wedding Preshoot වගේම Photo shoot එකකට හරි ඒ පාලම තෝරාගන්නවා නම් ඇඳුම් මාරුකරගන්න, Rest කරන්න මේක තමයි තැන. මෙතන තියෙන විශේෂත්වය තමයි කැමති නම් යන අයට කෑම උයාගෙන කන්න පුළුවන් වීම . එහෙම නැත්තං අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනියලා හදවාගන්න පුළුවන්. සාමාන්‍ය පැකේජ් එකක් විදිහට අරං බැලුවම මෙතන අය කරන්නේ පුද්ගලයින් ගණනට. උදේ ආහාර වේල එක්ක සහ එක් අයෙකුට නවතැන් ගන්න මෙතන රුපියල් 2500 ක් වෙනවා. (මේ ගාන ලබන ජුලි 29 වෙනිදා වෙනකල් විතරයි ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ වැඩිවෙනවා මොකද නුවර පෙරහැර පටං ගන්න නිසා)

ඒ නිසා ජුලි මාසේ මෙහේ යන්න කැමති අය කථා කරන්න awidimu අපිට 0773596161 දුරකථන අංකයට. අපි ලෑස්තියි ඔයාලට මේ බංගලාව වෙන් කරලා දෙන්න.

kdktec kdktec

No comments yet.

Leave a Reply