පතුල පෙනෙන පොකුණ මෙන්න

Pokuna1

පිරිසිදු වතුර නාගන්න එකට කවුරුත් කැමතියි. එහෙම කැමති අයට සුපිරිසිදු වතුර නාන්න නියම තැනක් තමයි මේ. මේ පොකුණ පිහිටලා තියෙන්නේ ගාල්ල – නෙලුව පාරේ ගාල්ලේ ඉඳලා කිලෝමීටර් 48ක් විතර ගියාම තියෙන පනංගල කියන ප්‍රදේශයේ.

සිංහරාජ වනාන්තරයේ කොටසක් ලෙස තිබී පසුකාලයක එයින් වෙන් වූ වනාන්තරයක් ලෙස සැලකෙන තෙත් කලාපීය ද්වීතීයික වැසි වනාන්තරයක් වන කන්නැලිය වනාන්තරයෙන් පෝෂණය වන මේ දිය දහර කන්නැලිය වනාන්තර පිවිසුමට කිට්ටුවම තමයි තියෙන්නේ.

Pokuna3 Pokuna5 Pokuna6

සිංහරාජ පරිසර කලාපයේ සිසිල් දිය දහරකින් ස්නානය කරන්න ආශා කරන්නෙකුට මෙන්නම දිය ඇල්ලක සුන්දරත්වය විඳගන්නට ආසා කරන්නෙකුට මෙතන නියම තැනක්. මෙතන ස්වභාවිකවම ගලෙන් හැදුන තටාකයක් සැකසී ඇති නිසා පොකුණ ලෙස⁣ට මෙය හඳුන්වනවා. මේ පිංතූර ගන්න කාලේ වියලි කාලගුණයක් පැවති නිසා දිය ඇල්ල එතරම් සක්‍රීය තත්වයක නොපැවතියද වැසි කාල වලදී මෙහි සුන්දරත්වය කියලා විස්තර කරන්න බැරි තරම්.

Pokuna4 Pokuna2

ගාල්ල නෙලුව ප්‍රධාන මාර්ගයේ කන්නැලිය පිවිසුම පසුකර සැතපුමක් පමණ ගියාට පස්සේ හමුවෙන හමුවන පනංගල මහාබෝධි මහා විද්‍යලයේ ක්‍රීඩා පිටිය තියෙන පාරේ ටික දුරක් ගියාම සුන්දර තේ වතු කිහිපයක් අතරින් ⁣මේ ස්ථානයට ලඟා වෙන්න පුළුවන්.

මේ ප්‍රදේශයේ ගම්වැසියන් විසින් ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාව මෙන්ම අන් සියලු ජල අවශ්‍යතාවන් සපුරා ගන්නේ මේ දිය දහරේ උපකාරයෙන්. ඒ නිසා මෙතන්ට යනවා නම් සුනදරත්වය විතරක් විඳින්න. පරිසරය විනාශ කරලා වනසන්න එපා. ගෙනයන හැම දෙයක්ම අරං එන්න. එහෙම යන්න කැමති නම් විතරක් මෙතනට යන්න.

සටහන සහ ඡායාරූප – විෂූ ආනන්දවංශ

GALLE , Galle, Kanneliya,

kdktec kdktec

No comments yet.

Leave a Reply