ඉල්ලන කෑම ඉබේ ළගට එන ලංකාවේ Restaurant එක

poppy hana 05

ලංකාවේ තියෙන කෑම වර්ග දිහා බැලුවම හිතෙන්නේ දැන් මුළු ලොකෙම තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා. ලෝකේ පුරාම එක එක විදිහේ රසයන් විඳින්න දැන් ලංකාවේදි අවස්ථාව තියෙනවා. චයිනීස් ඉන්දියන් වගේ කෑම ගොඩාක් ජනප්‍රියයි තමයි හැබැයි ඒ අතර ජපාන ආහාර වලටත් තියෙන්නේ පුදුම ඉල්ලුමක්. මේ විදිහට නියම ජපන් කෑම වේලක රස බලන්න හොඳම තැනක් ගැන තමයි මේ කියන්නේ.

poppy hana 08 poppy hana 07

Poppy Hana කියන මේ ජපාන රෙස්ටුරන්ට් එක තියෙන්නේ යුනියන් ප්ලේස් වල හයිඩ් පාක් එකේ ආර්පිකෝ සුපර් සෙන්ටර් එක ඇතුලේ. කොහෙම හරි මෙතනදි නියම රසයට ජපාන ආහාර ගන්න පුළුවන්. සාම්ප්‍රදායික ජපන් ආහාර වගේම ඉතාම ප්‍රණිත විදිහට ගන්න පුළුවන්. මේ Poppy Hana එකේ දී ජපාන ආහාර අතර ජනප්‍රිය sushi අත්දැකීම විඳින්න ලැබෙන අවස්ථාව විශේෂයි. Conveyor belt එකක් දිගේ තමන් ඇණවුම් කරපු sushi තමන් ඉඳගෙන ඉන්න තැනට ඇවිල්ලා නතර වෙන එක හරි අපූරු අත්දැකීමක් වෙනවා ලොකු පොඩි කාටත්.

poppy hana 04 poppy hana 03 poppy hana 02 poppy hana 10

මෙතන කාර්ය මණ්ඩලයත් හරිම නිහතමානී සේවාවක් ඉටු කරන්නේ ජපාන ජාතිකයින් අනිකා කෙරෙහි ගෞරවනීය ලෙස හැසිරෙන බවට වන නිහතමානීත්වය පෙන්නුම් කරන්න වගේ ය.සුපිරි ජපන් අවහන්හලක ස්වරූපයටම ඉදිකරලා තියෙන මේ Poppy Hana අවන්හල විවෘත වෙන්නේ දවල් 11.30 ට වහන්නේ රූ 10.30 ට. කොහොම වුනත් මෙතන රසවත් ජපානව ආහාර වේලක් රස විඳින්න නියම තැනක් බව සඳහන් කරන්න පුළුවන්.

Poppy Hana එකේ ආහාර පාන වල මිළ ගණන් දැනගන්න මෙතන ක්ලික් කරන්න.

@Teamawidimu

poppy hana 01 poppy hana 11 poppy hana 09

kdktec kdktec

No comments yet.

Leave a Reply