රම්බොඩ සුපිරි නිවාඩුවක් ගතකරන්න

fe-2

රම්බොඩ කියන්නේ අතිශයින් සුවදායි පරිසරයක් තියෙන පළාතක්. රම්බොඩ ට යන්නේ මහනුවර නුවර එළිය පාරේ. මහනුවරත් නුවර එළියත් අතර මැද වගේ තමයි රම්බොඩ තියෙන්නේ. මේ නිසා සීතල කඳුරටේ නිවාඩුවක් විවේකයක් ගත කරනවා නම් නතරවෙන්න හොඳම තැන තමයි රම්බොඩ.

රම්බොඩ පරිසරයේ සිහිලස උපරිමයෙන් විඳින්න පුළුවන් තැනක් තමයි මේ බංගලාව. මේක තියෙන්නේ රම්බොඩ කටුකිතුල ප්‍රදේශයේ. මෙතන නිවාඩුව විවේකය නිස්කලංකව ගතකරන්න පුළුවන් පහසුකම් ඔක්කොම තියෙනවා. රම්බොඩ කඳු මුදුනක කඳු බෑවුම ලස්සනට පේන විදිහට හදලා තියෙන මේ බංගලාවට සාමාන්‍ය කාර් එකකින් පහසුවෙන්ම යන්න පුළුවන්.

ramboda-1 ramboda-2 ramboda-3 ramboda-6

මේ බංගලාවේ 12 දෙනෙකුට එකපාර නතරවෙන්න පුළුවන්. කඳු බෑවුමට නිරාවරණය වෙන විදිහට හදලා තියෙන Swimming pool එක ඇත්තටම නිදහසේ තෝතැන්නක්. ඒ වගේම තේ යායක් පුරා විහිදුන විශාල ගෙවත්ත , ගෙවත්තේ කෙළවර තේ ගස් අතර තියෙන පුංචි මාකී එක මේ හැම දෙයක්ම ඔබට නිදහස කියන දේ උපරිමයෙන් විඳින්න උදව් වෙනවා. හැම කාමරයකටම සැටලයිට් ටීවී පහසුකම් සහ පුද්ගලික බැල්කනියක් තියෙන විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ.තව ඊට අමතරව බිලියඩ් ක්‍රීඩා කරන්න පහසුකම් වගේ පහසුකම් ගොඩාක් මේ බංගලාවේ තියෙනවා. ඒ වගේම මේ බංගලාව හදලා තියෙන්නේ හැම දෙනෙක් ගැනම හිතලා. මොකද මුළු බංගලාව
පුරාම රෝද පුටුවකින් වුනත් යන්න පුළුවන් විදිහට හදපු මේ බංගලාවේ නිවාඩුවකට අවොත් නියම විදිසට විවේකය ගත කරන්න අවස්ථාව ලැබෙනවා.

ramboda-9 ramboda-10 ramboda-8 ramboda-11

12 දෙනෙකුට නතර වෙන්න පුළුවන්  මුළු බංගලාවම 35000/_ ක් වෙනවා. උයන්න අවශ්‍ය කළමණා ටිකක් අරං ආවා නම් මෙතන ඉන්න Care taker රසට ඒ කෑම එක හදලා දෙනවා. මේ නිසා පවුලේ කට්ටිය එක්ක යාළුවෝ කට්ටිය එක්ක සුපිරි විදිහට විවේකය ගතකරන්න යන්න මේක හොඳම තැනක්.

මෙතන ඉඳලා නුවරඑළියට යන්න විනාඩි 40 ක් විතර කාලයක් ගත වෙන්නේ. ඒ නිසා කාර්ය බහුල නුවර එළියේ දැඩි සීතලත් එක්ක නිවාඩුව ගත කරනවාට වඩා මේක හොඳම විකල්පයක්. නුවරඑළියට වඩා නිදහස උපරිමයෙන්  මෙතනදි විඳින්න පුළුවන්.

මේ බංගලාව වෙන් කරගන්න ඕන නම් කථා කරන්න 0773596161 “ඇවිදිමු “ අපිට.


ramboda-12 ramboda-5 ramboda-4

kdktec kdktec

2 Responses to “රම්බොඩ සුපිරි නිවාඩුවක් ගතකරන්න”

  1. Nuwanjith
    October 25, 2016 at 12:09 pm #

    Please let me know how many Family Bed Rooms available here ?

  2. Nature Lover
    December 22, 2016 at 11:59 am #

    Excellent place to relax!! We had such a wonderful time and enjoyed our stay. Good hospitality. Hoping to visit again….

Leave a Reply