රණුගල්ලේ දවසක්

fe

මීමුරේ කියන්නේ කවුරුත් ගොඩාක් දන්න සුන්දර ගමක්. හැබැයි දැන් හැමෝම වගේ මීමුරේ ගිහිං තියෙනවා මීමුරේ ගැන දන්නවා. මීමුරේට දෙවෙනි වෙන්නේ නැති තවත් සංචාරයට හිතකර සුන්දර ගමක් ගැන තමයි මේ විස්තරය. මේ ගම තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දර නමුණුකුල කන්ද පාමුළ. මේ ගමට කියන්නේ රණුගල්ල කියලා. බණ්ඩාරවෙල ඇල්ල පැත්තෙන් යන්නත් පුළුවන් ඇල්ලෙ ඉඳලා බැලුවම කිලෝමීටර් 29ක් තියෙනවා.

ranuweb3 ranuweb4 ranuweb6ranuweb8

සැබෑම සුන්දර ගමක අසිරිය විඳින්න කඳු අතරේ තියෙන මේ රණුගල්ල නියම තැනක්. ගඟ අයිනේ Camping කරලා, ගමේ රහට කාලා බීලා, දිය ඇල්ල්ක , ස්වාභාවික ජල දහරාවක බල්ටි ගහලා නාලා, කිතුල් රා ටිකක් බීලා සැබෑම ගැමි අත්දැකීමක් විඳින්න මේ ගම නියමයි. කිතුල් හකුරු හැදෙන හැටි දකින්න, කිතුල් රා කපන හැටි බලන්න, වෙල් දෙනි දිගේ ඇවිදින්න, කුරහන් තළප, කුරහන් රොටී, කොළකැඳ වැනි ගැමි ආහාර පාන රසවිඳලා මතක හිටින නිවාඩුවක් ගත කරන්න මෙතන තමයි තැන. හැබැයි ගහට කොළට ආදරේ කරන ඇත්තටම Change එකක් හොයන පරිසර ලෝලී, පරිසර හිතකාමී දේශිය සංචාරකයින්ට විතරක් මෙතන විවෘතයි.

ranuweb7 ranuweb1 ranuweb2ranuweb9

රණුගල්ලේ සංචාරයකට එනවා නම් අවශ්‍ය කරන හැමදේම ලෑස්ති කරලා දෙන්න පුළුවන් . ඔබේ වාහනයකින් එනවා වුනත් නවාතැන් වලට එන්න වෙන්නේ පා ගමනින්. කෝච්චියේ එනවා නම් ඇල්ල දුම්රියපොළේ සිට ගම්මානය දක්වා සහ නැවත පැමිණිමට ජීප් හෝ වෑන් රථ දෙන්න පුළුවන්. අවශ්‍ය නම් ගැමි ගෙදරක නවාතැන් පහසුකම්, ඊට අමතරව ප්‍රධාන ආහාර වේල් 4ක්, තේ කෝපි සහ පාන වර්ග, සංචාරක මඟපෙන්වන්නෙක්, ජල ක්‍රීඩා සදහා ආරක්ෂක උපාංග විතරක් නෙවෙයි හවසට ගහෙන් බාපු ගමන් නියම කිතුල් රා ටිකක් රසවිඳින්නත් පුළුවන්. මේ හැම දෙයක්ම ඇතුළත්ව එක දවසකට අයකරන ගාස්තුව රුපියල් 3500/- යි. හැබැයි කණ්ඩායමේ අඩුම ගානේ 10 දෙනෙක් වත් ඉන්න ඕන.

නියම ගමක ගැමි විදිහට දවසක් ජීවත් වෙලා ඒ සුන්දර අත්දැකීම විඳින්න කැමති නම් කථාකරන්න 0759596161 awidimu.com hotline එකට. අපි ලෑස්තියි ඔයා වෙනුවෙන් මේ සුන්දර ගමන ලෑස්ති කරලා දෙන්න.

39535789_897786827078073_7481583380362952704_n 38614753_882386211951468_4612735631125118976_n 39557618_897786743744748_2859521884884566016_n 39557925_897786907078065_6552690552486232064_n

@teamawidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply