සඳතැන්නේ තනිවෙන්න

Sanda thenna (4)

නුවරඑළි සංචාරයක යන අය අනිවාර්යෙයන් යන තැන් කීපයක් තියෙනවා.  ඒ තමයි හෝටන් තැන්න සහ ලෝකාන්තය විශේෂයි. හැබැයි ගොඩාක් දෙනෙකුට අමතක වෙන සමහර අය නොදන්න තැනක් තමයි සඳතැන්න කියන්නේ.

මේ සඳතැන්න මහජනතාවට විවෘතවෙලා වැඩි කාලයක් නෑ. ඉස්සර මෙතන තිබුනේ  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට  අයත් නුවරඑළිය සීතා එළියේ බිජ අර්තාපල් ගොවිපළ . පස්සේ කාලේ ඒ කියන්නේ මීට අවුරුදු කීපියකට කලින් තමයි මේ පාරිසරික ප්‍රදේශය මහජනතාවට සංචාරය කරන්න පුළුවන් තැනක් බබවට පත්වුනේ.

මෙතන තියෙන විශේෂත්වය තමයි  අංශක 360 ක කෝණයකින් වටේට තියෙන  පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හග්ගල සහ නමුණුකුල ආදී ප්‍රධාන කඳුපන්ති 09ක් දකින්න පුළුවන් වීම. ඇත්තටම මේක නිදහසේ තෝතැන්නක්.

Sanda thenna (6) Sanda thenna (8)Sanda thenna (9)
මේ අපූරු පාරිසරික කලාපයට පිවිසීම හරිම පහසුයි.  නුවරඑළිය වැලිමඩ ප්‍රධාන පාරේ ග්‍රෙගරි වැව අන්තයෙන් වමට හැරිලා කිලෝමීටර් දෙකක් ගිය පසු මේ සංචාරක කලාපයේ පිවිසුමට ළංවිය හැකියි.

නුවරඑළිය සීතාවක බිජ අර්තාපල්  ගොවිපළට වයස දැනට අවුරුදු පනස් හයක් වෙනවා.  ගොවිපළ ආරම්භ කරලා තියෙන්නේ  1958 අවුරුද්දේ. මුහුදු මට්ටමින් අඩි එක් දහස්  හයසීයකටත් වඩා උසින් යුතු මේ  භූමි ප්‍රදේශය නුවරඑළිය නගරය ආසන්නයෙන්  ඉහළට  මතුවුණු උස් කඳුවැටියක් කේන්ද්‍ර කරගෙනයි වෙන් කොට දැක්වෙන්නේ. හෙක්ටයාර් එකසිය පනස් පහක් හෙවත් අක්කර තුන්සිය අසූ පහක වපසරියකින් යුතු මෙම භූමි භාගයේ කොටස් කිහිපයක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද පාලනය වෙනවා.  මේ භූමියේ උසම කොටස අඩි හත්දහස් තුන්සියයක් පමණ උසින් යුතුයි. ඒ කියන්නේ හෝටන් තැන්නේ උසට සමානයි.

සඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපය ලෙස හඳුන්වා දී ඇති මෙම මනරම් පාරිසරික පාරාදීසය තුළ දී ඔබට ඉහළ කඳුකර වනාන්තර, කඳුකර පතන් බිම් සහ එහි ෙජෙව විවිධත්වයන්  ඇතුළු කඳුකරයට ආවේණික සත්ව සහ ශාක විශේෂ රැසක් කදිමට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ඉහළ කඳුකරයේ ප්‍රධාන වගාවක් වන අර්තාපල් වගාව සේම උඩරට එළවළු වගාව පිළිබඳ මනා දැනීමක් ලබා ගැනීමටත් ඔබට එහි දී කදිම හැකියාවක් ලැබෙනවා. මේක සාමාන්‍ය සංචාරකයන්ට වගේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්  කදිම අවස්ථාවක්.
Sanda thenna (10) Sanda thenna (7)Sanda thenna (11)
ඒ වගේම ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ  දී දැක ගත හැකි ගෝනුන් , වලස් වඳුරන් , ඕලුමුවන් සහ කුළු හරක් රංචු ද මෙම භූමි භාගයේ දී දැකගත හැකියි. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු විශේෂ වන කහ කන් කොණ්ඩයා  ශ්‍රී ලංකා සිතෑසියා හෙවත් කඳුකර මල් කුරුල්ලා ශ්‍රී ලංකා මයිල ගොයා  , නිල් මැසිමරා හෙවත් කෝපි කුරුල්ලා , දෑ දෙමලිච්චා  වැනි මධ්‍යම කඳුකර වනාන්තර වලදී දැකිය හැකි ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ මෙහිදී  නිරීක්ෂණය කරන්න පුළුවන්.

මේ සඳතැන්න පාරිසරික කලාපයේ ඉහළම තැන විශේෂ නැරඹුම් අට්ටාලයක් ඉදි කර තිබෙනවා. එතැන සිට පිදුරුතලාගල මුදුනට ඇත්තේ අඩි අටසියයක විතර උසක් විතරයි.  මේ ස්ථානයේ උස ශ්‍රී පාද උඩ මළුවේ උසට සමානයි

මේක ඉතාම සංවේදී පරිසර කලාපයක්. ඒ වගේම බිජ අර්තාපල් නිෂ්පාදනය අතින් අපේ රටේ කෘෂිකර්මයට සුවිසල් මෙහෙවරක් කරන භූමි ප්‍රදේශයක්. ඒ හින්දා මේ පරිසර කලාපයට ඇතුළු වෙන හැමෝම පාරිසරික රෙගුලාසි කීපයකට යටත් විය යුතුයි. ඒවා මේ පරිසරයේත් අප හැමෝගෙමත් ‍පොදු යහපත සඳහා විද්‍යාත්මක පාරිසරික  පදනමක් මත පනවපු අණ පනත්

මේ කදිම පාරිසරික කලාපය මනාව නැරඹීම සඳහා ඒ ගොවිපළේ ඉහළම කොටසට පිවිසිය යුතුයි. ඒ සඳහා දේශීය වැඩිහිටියන් සඳහා රුපියල් පනහකුත් දේශීය ළමුන්  සහ පාසල් සිසුන් සඳහා රුපියල් විස්සක ප්‍රවේශ ගාස්තුවකුත් අය කෙරෙනවා. දිනපතා පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා විවෘතව පවත්වන මේ සඳතැන්න පාරිසරික කලාපය තුළ පා ගමනින් යාම හෝ පිටස්තර වාහනයකින් ගමන් කිරීම සපුරා තහනම්. ඒ මෙම පාරිසරික කලාපයේ ආරක්ෂාව සඳහා ගැනුණු විශේෂිත පියවරක්. ඒ සඳහා මෙම පාරිසරික කලාපයේ පිවිසුම් දොරටුව ළඟ රියැදුරු මාර්ගෝපදේශකයන් ද සමග සෆාරි ජීප් රථ සේවයක් ක්‍රියාත්මක වෙනවා. වැඩිහිටියන් අට දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි මෙම සෆාරී ජීප් රථයක පැය දෙකක පාරිසරික සංචාරයක් සඳහා අය කරන මුදල රුපියල් දෙදහසයි.
Sanda thenna (3) Sanda thenna (2) Sanda thenna (5)
විශේෂ අවස්ථාවකදී හැරුණු කොට  මේ සංචාරය අතරතුරදී වාහනයෙන් බිමට බැසීමට ඉඩක් නැහැ. ඒ මෙහි ඇති ජානවල සහ පරිසර පද්ධතියේ ආරක්ෂාව සඳහායි. නමුත් පිදුරුතලාගල කඳු මුදුන ‘අත ‍පොවන මානයෙන්’ පෙනෙන සඳතැන්න මුදුනේ පිහිටි නැරඹුම් අට්ටාලය පාමුල දී නම් ඔබට වාහනයෙන් බැස හිතේ හැටියට හාත්පස පරිසරය නිරීක්ෂණය කළ හැකියි. මේ පාරිසරික සහ කෘෂි සංචාරයේ උපරිම ප්‍රයෝජන ලබන්නට ඒ අවස්ථාව හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මේ සංචාරයේ දී මත් පැන් සහ දුම්වැටි සම්පූර්ණයෙන් තහනම් වන අතර රේඩියෝ කැසට් සීඩී ප්‍ලේයර් සංගීත සහ ක්‍රීඩා භාණ්ඩ  මේ පරිසර සංචාරයට එක් කර ගැනීමටත් අවසර නැහැ. ඒ වගේම ඉතා සංවේදී ආරක්ෂිත පාරිසරික පද්ධතියක් වන මෙහි කෑකෝ ගැසීම් වැනි අනවශ්‍ය ශබ්ද නැඟීම සහ ක්‍රීඩා කිරීම්වලටත් ඉඩක් නොමැත.

මේ ගැන විස්තර තව දැනගන්න ඕන නම්   0523057042 අකයෙන් විමසන්න පුළුවන්. කොහොම වුනත්  නුවරඑළියේ යනවා නම් මේතනත් අමතක කරන්නේ නැතුව බලන්න යන්න හොඳ තැනක්. ඒ වගේම නුවරඑළියේ සංචාරයක් යනවා නම් ගිහිල්ලා නවතින්න නියම තැනක් තියෙනවා. ඒ ගැන විස්තර දැනගන්න මෙන්න ලින්ක් එක  http://www.awidimu.com/cottage-no-19/

kdktec kdktec

No comments yet.

Leave a Reply