සිංහරාජ‍‍යේ දිය ඇලි 6 බලන්න එක දවසක ගමනක්

Sinharaja

දිය ඇලි කියන්නේ නෙත් සිත් පිනවන දර්ශනයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දිය ඇලි වලට ආදරේ කරන අය කදු නැගලා, පල්ලම් බැහැලා දුෂ්කර ගමන් වලින් පවා දිය ඇලි බලන්න යනවා. අපි මේ කියන්න හදන්නේ සිංහරාජයේ තියෙන දිය ඇලි 5ක් බලන්න යන්න පුළුවන් එක දවසෙ ගමනක් ගැන. මේ ගමන උදේ ගිහිල්ලා රෑ වෙලා එන්න පුළුවන්.

සිංහාරාජයේ තියෙන මේ දිය ඇලි 5 බලන්න ලංකාගමට යන්න ඕන. ලංකාගම කියන්නේ දකුණු පළාතේ සිංහරාජයට මායිම් වුන අවසාන ගම. ලංකාගමට යන්න ඕන ගාල්ල නෙළුවට ගිහිල්ලා. කොළඹ ඉඳලා යනවා නම් වැලිපැන්නෙන් එලියට දාලා පැලවත්ත පාරේ ගිහින් නෙළුවට යන්න ඕනි. නෙලුවෙ ඉදලා ගූගල් අපිට පෙන්වන්නේ දෙල්ලව පාරේ ගිහින් හැරිලා යන්න කියලා. ඒත් ඒ දෙල්ලව පාර අමාරුයි. ඒකේ යන්න තියෙන්නේ දුෂ්කර විදියකට. ඊට වඩා ලේසියි නෙළුව දූවිලි ඇල්ල පාරේ යන එක. වැලිපැන්න, පැලවත්ත ඉඳලා යද්දි නෙළුවට චුට්ටක් කලින් නෙළුව දූවිලි ඇල්ලට හැරෙන්න තියෙනවා. දූවිලි ඇල්ල ගාවට එනකල් පාර සුපිරි. පාත කාර් එකකට වුනත් යන්න පුළුවන්. නෙළුවේ දූවිලි ඇල්ල තමයි මුලින්ම බලන්න පුළුවන් ඇල්ල.

එතනින් එහාට ඒ කියන්නේ ලංකාගමට යන්න වෙන්නේ සෆාරි ජීප් එකක් අරං තමයි. ඒ විස්තර පස්සෙ කියන්නම්. කොහොම හරි ලංකාගමට ගියාම එතන තියෙනවා සිංහරාජ පිවිසුමක්. එතනින් ටිකට් එකක් අරං Guide කෙනෙක්ගේ උදව් ඇතිව දිය ඇලි බලන්න යන්න පුළුවන්. පොඩි නැග්මක් තියෙන්නේ. සිංහරාජයේ සීතල කැලේ මැදින් යන නිසා ඒ තරම් මහන්සියක් නෑ. පොඩි ළමයෙකුට වුනත් යන්න පුළුවන්. කෙලින්ම කට්ටිය යන්නේ උඩම තියෙන ඇල්ලට. ඒක ඌරන් වැටුනු ඇල්ල. මොන හේතුවක් නිසාද ඒ නම වැටුනේ කියලා දන්නේ නෑ. හැබැයි පුදුම සුන්දරත්වයක් තියෙන්නේ. ඇල්ල ඉහළින් වැටෙනවා වගේම , ඇල්ල පහළට වැටෙනවා බලන්න පුළුවන්. ඒ කියන්නේ ඇල්ල මැදින් තමයි නරඹන්න තියෙන්නේ.

2 3

ඊට පස්සේ ටිකක් පහලට එනකොට බලන්න පුළුවන් ගල් ඔරුව ඇල්ල. ගල් ඔරුව ඇල්ල අමුතු එකක්. විශාල ගල් දෙබොක්කාවක් මැද්දෙන් වැටෙන මේ ඇල්ල පහල බැලුවම භයංකාර හැඟිමක් දැනෙනවා. හැබැයි ආරක්ෂිත වැටක් තියෙන නිසා අනතුරක් වෙන්නෙ නෑ.ගොඩාක් පුංචි ලමයි අරං යනකොට නම් ටිකක් විතර පරිස්සම් වෙන්න වෙනවා. ඉහළ ඉඳලා පහලට වැටෙන ඇල්ල විශාල ගල් දෙබොක්කාවක් මැදින් ගලාගෙන යනවා.මේක කොච්චර බැලුවත් ඇති හිතෙන්නේ නැති තැනක්.

එතනින් පහලට බැහැගෙන ආවම තට්ටු ඇල්ලට යන්න පුළුවන්. තට්ටු ඇල්ල කියන්නේ නාන්න සුදුසු තැනක්. පියවර දෙකකට වතුර පාර වැටෙන නිසා වතුර පාරටම ඔළුව අල්ලගෙන ඉන්න පුළුවන්. මෙතන නාන්න පරිස්සම් සහිත සුන්දර තැනක්.

1 4

ඊට පස්සේ යන්නේ දූවිලි ඇල්ලට. මේක නෙළුවේ දූලි ඇල්ල නෙවෙයි. මේක “දූවිලි ඇල්ල “. ඇත්තටම ඒ නම වැටුනෙ ඇයි කියලා හිතාගන්න පුළුවන් එතනට ගියාම. දූවිලි වගෙ එන ජල බිංදු වලින් නැහැවිලා යනවා විනාඩි කීපයක් ඇල්ල සමීපයේ ඉන්නකොට.

දූලි ඇල්ලට පස්සේ පුළුවන් නොමිලේ ෆිෂ් තෙරපි එකක් ගන්න. එතන වතුරේ බැහැගෙන ඉන්නකොට අර දහස් ගණන් ගෙවලා වතුරට කකුල් දාගෙන ෆිෂ් තෙරපි ගන්නවාට වැඩි අත්දැකීමක් ලබන්න පුළුවන්. ඒක වෙනම අත්දැකීමක්.

ඊට පස්සෙ මුණු ගැහෙන්නේ බ්‍රාහ්මණ ඇල්ල. ඒ ඇල්ලෙ වතුර වැටෙන විදිහ නිකං බ්‍රාහ්මණයෙකුගේ රැවුල වගේ නිසා ඒ නම වැටුනා කියලා හිතන්න පුළුවන්. හැබැයි සමහර අය කිව්වේ ඔය ඇල්ල ළඟ ඉස්සර බ්‍රාහ්මණයෙන් හිටියා ඒනිසා ඔය නම වැටුනා කියලා.

6 5

කෙහොම වුනත් මෙ දිය ඇලි ටික බලලා පහලට බැහැලා ඕන නම් ලංකාගමට ආවෙණික වුන කිතුල් රා ටිකක රස බලලා කෑම ටිකක් කාලා එන්න පුළුවන්.

මේ කිව්ව විදිහට දිය ඇලි ටික බලලා දවසක් ගත කරලා එන්න පැකෙජ් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නෙ ඔයාලගේ වාහනේක නෙළුව දූලි ඇල්ල පාරේ කොස්මුල්ල තියන තැනට ආවම එතන වාහනේ පාක් කරලා අපි පැකෙජ් එකට දෙන සෆාරි ජීප් වල යන්න පුළුවන් කට්ටියට. ඒ පැකෙජ් එක මෙහෙමයි.

– Breakfast (Buffet)
– Snack
– Lunch pack
– Sinharaja Safari (jeep and Giude)
– Tour to 6 waterfalls and Siharaja rain forest
– Natural Swimming area
– Bird Watching, White monkeys,fish and many others

ගාණ මෙහෙමයි වෙන්නේ

6 – 12 Persons – 2900/- (Per head)
13 – 24 Persons – 2700/- (Per head)
25 – 35 Persons – 2500/- (Per head)

මේ tour එක යන්න ලෑස්ති කරගන්න කථාකරන්න awidimu hotline එකට 0759596161 න්.

kdktec kdktec

No comments yet.

Leave a Reply