ස්ට්‍රෝබෙරි එක්ක රසවත් වෙන්න තැනක්

    jagro-13

ස්ට්‍රෝබෙරි කියන්නේ කවුරුත් කැමති කෑමක්. කැමති වුනාට කැමති කැමති විදිහට ස්ට්‍රෝබෙරි කන්න අවස්ථාව ලැබෙන්නේ ගොඩාක් අඩුවෙන්. එහෙම ස්ට්‍රෝබෙරි වල රසය උපරිමයෙන් විදින්න පුළුවන් තැනක් තමයි මෙතන.ස්ට්‍රෝබෙරි එක්ක අයිස් ක්‍රීම්, ස්ට්‍රෝබරි එක්ක කේක්, චොකලට් රෝල් මේ විදිහට කැමති කැමති විදහට තෝර ගන්න කෑම ජාති ගොඩාක් මෙතන තියෙනවා. මෙනු එක දිහා බැලුවම පුදුම හිතෙනවා ස්ට්‍රෝෙබරි වලින් මෙච්චර රසට කෑම වර්ග ගොඩාක් හදන්න පුළුවන් ද කියලා.

jagro-16Jagro Simply Strawberries

හරිම නිදහසේ ඉන්න පුළුවන් තැනක් නිසා ස්ට්‍රෝබෙරි රසය කල් අරගෙන රවිඳින්න මෙතන මරු. අනික මෙතන කෑම වලට යොදාගන්නේ නුවරඑළියේ එයාලගෙම ස්ට්‍රෝබෙරි වගාවලින් ගත්ත පළතුරු. ඒ නිසා නැවුම් බව උපරිමයෙන්ම තියෙනවා. අළුත්ම අළුත් ස්ට්‍රෝබෙරි එක එක රසට කන්න නියම තැනක් මෙතන. මෙන්න මෙනු එක.

jagro-21 jagro-12

Self Service තියෙන නිසා ඉක්මනින් කෑම ගන්න පුළුවන්. ඇණවුම් කරලා ගොඩාක් වෙලා බලාගෙන ඉන්න ඕනේ නෑ. යාළුවෝ කට්ටිය, හිතවතුන් එකක එකතු වෙලා රසම රස ස්ට්‍රෝෙබර රස බලන්න මෙතන නියම තැනක්. හරියටම තැන කිව්වොත් නාරාහේන්පිට විජය කුමාරතුංග මාවතේ සහ කොළඹ 7 කුරුඳුවත්තේ ශාඛා දෙකක්ම තියෙනවා. උදේ 10 ඉඳලා රෑ 10 වෙනකල් මේ ශාඛා දෙකම විවෘතයි.

jagro-20 jagro-19 jagro-18 jagro-17Simply Strawberries Tartjagro-6

සාමාන්‍යෙයන් දෙන්නෙක් සඳහා රුපියල් 1300 ක් වගේ ගාණකට සෑහෙන තරම් රසවත් ආහාර වේලක් රසවිඳින්න පුළුවන්. මේ නිසා හවස් වෙලාවක මෙතන්ට ගිහිල්ලා මීට කලින් කවදාවත් කාලා නැති විදිහට රසවත් ස්ට්‍රෝබෙරි රසවිඳින්න ඕන තරම් අවස්ථාව තියෙනවා.

kdktec kdktec

No comments yet.

Leave a Reply