තේ වර්ග 50ක රසවිඳින්න Tea Talk

tea talk (8)

තේ කියන්නේ ලංකාවේ අපිට අමුතු පානයක් නෙවෙයි. හැම කෙනෙක්ම විවේකයක් ලැබෙන වෙලාවට තේ එකක් බොන එක පුරුද්දක්. හැබැයි මේ තේ බීමේ විලාසිතාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා.මේ කියන්න හදන්නේ තේ බී මේ අළුත්ම විලාසිතාව ගැන.

කොළඹ 5 පාක් රෝඩ් එකේ අංක 343 පිහිටලා තියෙන Tea Talk ගැන තමයි මේ කථාව.වෙනසක් විවේකයක් අවශ්‍ය ඕනම කෙනෙකුට මෙතන නිස්කලංකව තේ එකක් බොන්න පුළුවන්. විවිධ රසයන්ගෙන් යුත් තේ වර්ග 50ක් විතර මෙතනදි රසවිඳින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි විවිධ පළතුරු රසවල තේ වර්ග රසවිඳින්නත් මෙතනදි පුළුවන්. “පනිනි“ කියන්නේ මේ Tea Talk එකේ ජනප්‍රිය ආහාරයක්. තව කැමති අයට විවිධ පළතුරු ජුස් වර්ග මේ ඕනම දෙයක් මෙතනදි නිදහසේ රසවිඳින්න පුළුවන්. මීට අමතරව Eclairs, brownies, sandwiches සහ rice මෙතනද රස විඳින්න පුළුවන්. ඒ වගේම ළඟදීම Soup, Grill Fish, Macaroni, වගේ චීන සහ ජපන් ආහාර වර්ගත් මෙතනදි රස විඳින්න පුළුවන් කම ලැබෙනවා.

tea talk (6) tea talk (5) tea talk (4)

නොමිලේ wi-fi පහසුකම් තියෙන Tea Talk එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ ඉහළ මාලය කැමති අයට නවාතැන් ගන්න පුළුවන් වීම. සියලුම පහසුකම් තියෙන කාමර 5ක් ඉහළ මාලයේ තියෙනවා. මේ අතරින් කාමර දෙකකට විශේෂ වු බැල්කනි තියෙනවා. Bed & Breakfast පහසුකම යටතේ මේ කාමර වල කැමති කෙනෙකුට නවාතැන් ගන්න පුළුවන්. මෙතන දෙන්නෙකුට ඉන්න පුළුවන් කාමරයක් සාමාන්‍යෙයන් ඩොලර් 90 ක් වගේ වෙනවා.

tea talk (9) tea talk (7) tea talk (2) tea talk (1) tea talk (3)

තව අවශ්‍ය නම් රැස්වීමක් තියන්න, පාටි එකක් ගන්න මේ වගේ වැඩවලට වෙන් කරපු ඉඩකුත් Tea Talk එකේ තියෙනවා.

Tea Talk එකේ අයිතිකාරයා චාමර උඩුගම. ඔහු කියන්නේ හැම තැනම Coffee Cafes රැල්ලක් යන නිසා ශ්‍රී ලංකාවට ආවේණික තේ වලින් Tea caffe රැල්ලක් හදන්න තමන්ට අවශ්‍යයි කියලා. චාමර උඩුගම තේ අපනයනකරුවෙක්. වඳුරඹ, ගාල්ල ප්‍රදේශවල තියෙන තමන්ට අයත් වතු වල තේ අපනයනය සාර්ථකව සිදුකරන අතරේ මේ අළුත් අදහස ආවා කියලා තමයි ඔහු කියන්නේ.

tea talk (10) tea talk (11)

කොහොම වුනත් නිදහසේ ටිකක් කථා කරන්න, එක එක රසවල තේ රස විඳින්න මේක හොඳ තැනක්. Tea Talk එක ඉස්සරහම බයිසිකල් කීපයක් නවත්තලා තියෙනවා. ඕනේ නම් කොලඹ වටේ බයිසිකලෙන් යන්න ඒකටත් මෙතනදි අවස්ථාව තියෙනවා.

කාර්යබහුල අගනුවර ජීවත් වෙන අයට මෙතන නිදහස ගත කරන්න හොඳම තැනක්. ටිකක් වෙනස් අත්දැකීමක් නිසා ඒ වෙනස අතවිඳලම බලන්න වෙලාවක ගිහිල්ලා.

@awidimu team

Colombo restaurant , Tea talk

kdktec kdktec

No comments yet.

Leave a Reply