කැළණි ගඟෙ අයිනේ විවේකයට තැනක්

කොළඹට කිට්ටු Day outing එකකට තැනක් නැද්ද? මේ ගොඩාක් අය අහන ප්රශ්නයක්. ඒ ප්රශ්නයට හරියන උත්තරක් තමයි මේ. මේ කියන තැන තියෙන්නේ අවිස්සාවේල්ලේ තල්දූවේ. මේක කැළණි ගග අයිනේ තියෙන තැනක්. පරිස්සමින් ගඟේ නාන්න, බෝට්ටු සවාරියක් යන්න,වායු තුවක්කුවකින් ඉලක්කයට වෙඩි තියන්න, බැඩ්මින්ටන් ගහන්න, ජල ක්රීඩා කරන්න නියම තැනක් තමයි මෙතන.

මෙතන පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 1600.00 යි. හැබැයි කණ්ඩායමකට 15 දෙනෙක් වත් ඉන්න ඕන. උදේ 8 ඉඳලා හවස 5 වෙනකල් මෙතන ගත කරන්න පුළුවන්. මේ 1600/- පැකේජ් එකට Welcome Drink එක විදිහට Fresh Juices, දවල්ට කෑම විදිහට Nasi Goreng හරි Kottu Rotti හරි ඇතුළත් වෙනවා. ඒ වගේම හවස තේ ලැබෙනවා කේක් හෝ රෝල්ස් එක්ක.
පහසුකම් අතින් ගත්තම ගඟේ නාන්න, බෝට්ටු සවාරියක් යන්න,වායු තුවක්කුවකින් ඉලක්කයට වෙඩි තියන්න, බැඩ්මින්ටන් ගහන්න, ජල ක්රීඩා කරන්න මේ හැම දෙයක්ම පුළුවන්. තව මීට අමතරව කැරම් බෝඩ් එකක්, කාඩ් පැක්ස්, නොමිලේ Wi-Fi පහසුකම්, සැටලයිට් ටීවී පහසුකම්, මේ හැම දෙයක්ම ලැබෙනවා. මීට අමතරව මෙතන තියෙන Swimming pool එකේ ඇතිතරම් විනෝද වෙන්න පුළුවන්. කට්ටියට ඇඳුම් තියාගන්න විවේකයක් ගන්න වෙනමම පොළව යට තියෙන නවාතැන් පළේ කාමර දෙකකුත් මේ Day out පැකේජ් එකට අයත් වෙනවා.

මත්පැන් වර්ග ගේන්න පුළුවන් ඒවට වෙනම අයකිරීමක් නෑ. හැබැයි බයිට්ස් වර් ගේන්න බෑ. ඒවා මෙතනින් ගන්න වෙනවා. චිකන්, සොසේජස්, මලට් ෆිෂ්, වගේ දේවල් බයිට් එකට ගන්න පුළුවන්. 1kg රුපියල් 1300 ඉඳලා ගන්න Bites වර්ග මෙතන තියෙනවා.
කොහෙම වුනත් අමතක නොවෙන අත්දැකීමක් කට්ටිය එකතු වෙලා ගන්නවා නම් මෙතන නියම තැනක්. කොළඹට ඒ තරම් දුරකුත් නැති නිසා කිසි ප්රශ්නයක් නැතුව හිතේ හැටියට විනෝද වෙලා යන්න මේක කියාපු තැනක්. Day outing එකකට මෙතන වෙන් කරනවා නම් කථා කරන්න 0759596161 න් awidimu.com අපිට.
@teamawidimu