නියම ඉන්දීය තාලේ – කෑම කන්න Thalis

21270985_1239452759534610_797170275296219944_n

ඉන්දියන් කෑම කියන්නේ කවුරුත් ආසාවෙන් කන අපිට කිට්ටුම කෑමක්. හැබැයි ලංකාවේ තියෙන Restaurants වලින්හොඳම ඉන්දීය කෑම කන්න පුළුවන් ද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ ගැන කිසිම සැකයක් නැතුව නියම රසට නියම ඉන්දීය කෑම කන්න තියෙන තැනක් ගැන තමයි මේ කියන්නේ.

img_20160523_142115 img_4730

මේ Restaurant එකට කියන්නේ Thalis Restaurant කියලා. මේක තියෙන්නේ හැව්ලොක් ටවුන් වල. ඒ කියන්නේ තැන හරියටම කිව්වොත් කොළඹ 5, පාක් රෝඩ් එකේ අංක 155 කියන තැන. මෙතන නියම රසට ඉන්දීය කෑම කන්න පුළුවන්. මිළ ගණන් වුනත් හරිම සාධාරණයි. සාමාන්‍යෙයන් දෙන්නෙකුට කන්න රුපියල් 1500 ක් වගේ ගාණක් යන්නේ. මෙතන තියෙනවා එක එක ජාතියේ ඉන්දීය කෑම. සුප් වර්ග, බත් වර්ග, රොටී විතරක් නොවෙයි ඉන්දීය පාන් වර්ගත් මෙහිදී කෑමට ගන්න පුළුවන්.

img_20160118_121906 img_4720 img_4716

මීට අමතරව සැලඩ්, ස්නැක්ස් සහ සිසිල් බීම ,තේ, කෝපි මේ ආදී ඕනෑම විදිහේ රස කෑමක් කන්න මෙතන නියමයි.කාර්ය මණ්ඩලයත් හරිම සුහදශීලීයි. නියම සාම්ප්‍රදායික ඉන්දීය කෑම කන්න තියෙන Restaurants අතර Thalis එකට ප්‍රධානම තැනක් ලැබනවා.

මෙන්න Menu එක

img_4711 img_4710 img_4709 img_4708 img_4707 img_4706 img_4705 img_4703 img_4702

මෙන්න යන පාර

Capture
දවල් 11 ඉඳලා රෑ 11 වෙනකල් ඇරලා තියෙන නිසා මෙතනින් කෑම වේලක් රසවිඳීන්න හරිම පහසුයි. ඔබත් යන්න ගිහින් බලන්න, ගිහින් ඇවිත් පිංතූර දාන්න අපේ ෆේස්බුක් පිටුවට.

@Teamawidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply