Tuk එකක් ගෙන්න ගන්න ලේසිම ක්‍රමය මෙන්න

Tuk tuk (6)

TUK කියන්නේ දැන් ටක් ගාලා ගන්න පුළුවන් එකක් කියලා හැමෝම දන්නවා. ඕනෙම හදිස්සියකදී අපිට පිහිට වෙන්නේ මේ TUK එක නැත්තං Threewheelඑක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට හදිස්සියක් වෙලා පාරට බැහැලා TUK එකක් ගන්න ගියාම සමහර වෙලාවට එපාවෙනවා මොකද එන එන හැම TUK එකම පිරිලා. හිස් එකක් එකනල් ගොඩාක් වෙලා බලං ඉන්න වෙන තැන් තියෙනවා. යන්නේ වැදගත් ගමනක් නම් TUK එකක් අල්ලන්න වෙන කවුරුහරි පාරට යවන්නත් වෙන අවස්ථා තියෙනවා.

Tuk tuk (3)

මේ සියලු ප්‍රශ්න වලට උත්තරයක් විදිහට දැන් ස්මාර්ට්ෆෝන් එකෙන් ළගම තියෙන TUK එක ළගටම ගෙන්න ගන්න නියම සේවයක් දැන් තියෙනවා .මේක ඇත්තටම Mobile app එකක්. ඒ app එක හරහා Register වෙලා ඉන්නවා TukTuk දහස් ගාණක්. ඒ app එක download කරලා තියාගත්තම නිතරම TUK එකක් තමන් ළග තියෙනවා වගේ. TUK එකක් ඕන වෙලාවට ඒ app එකට ගිහිං ඉන්න තැනයි, යන්න ඕන තැනයි, වෙලාවයි කියන්න විතරයි ඕන හරි ඉක්මනින් උත්තරයක් ලැබෙයි ලඟම ඉන්න TUK කිහිපයකින්ම. මිළ ගණන් එක්කම ලැබෙන මේ උත්තර අතරින් හරියන TUK එක ළගටම ගෙන්න ගන්න ඊට පස්සේ පුළුවන්. මෙතනදි අමතර credit card හෝ online ගෙවීම් කිසිවක් නෑ. කෙලින්ම Tuk එකේ ඩ්‍රයිවර්ට හයර් එකේ ගාන අතට දෙන්නේ. මේ නිසා අනවශ්‍ය අවධානමක් නෑ. තවත් එකක් තමයි ඔයා ඉන්න තැන කොහේද කියන්න හරියටම දන්නේ නැත්තං මේ සේවාවේ තියෙන map එක හරහා tuk රියදුරුට ඔයා ඉන්න තැන හොයාගන්නත් පුළුවන්.

appp

මේ app එකට TukTuk කට්ටිය Register වෙන්නෙත් SMS එකක් හරහා.මේ නිසා මේ වැඩේට එකතු වෙලා ඉන්න ත්‍රී වීල් ගණන එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.මේකට TUK එකක් Register වෙනවා නම් reg (space) tuk (space) <vehicle number> 87711 විදිහට SMS එකක් යවන්න ඕන. Passenger කෙනෙක් විදිහට මේ සේවාව ගන්න නම් www.tuktuk.club එකට ගිහින් app එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා.

හදිස්සියකට  මේ සේවාව මාර වැදගත් වෙයි. මොකද  පාරට බැහැලා TukTuk එනකල් රස්තියාදු වෙන්නේ නැතුව ගමනක් යන්න පුළුවන් නිසා.

Tuk tuk (8)

Tuk tuk , Taxi , TAXI , Srilanka

kdktec kdktec

No comments yet.

Leave a Reply