උණවටුනේ සොඳුරු නවාතැන

?????????????

දකුණ කියන්නේ ලංකාවේ සුන්දරතම පළාත කියලා කිව්වොත් වැරදි නෑ. මොකද කඳුකර සීත දේශගුණය වගේම වෙරළත් එකම පළාතක තියෙන වෙන පළාතක් තවත් නැති තරම්. මේ නිසා තමයි ලංකාවේ ගොඩාක් දෙනෙක් නිවාඩුව ගත කරන්න දකුණු පළාත තෝරාගන්නේ. එහෙම දකුණු පළාතට යනවා නම් නතර වෙන්න හොඳම තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මේ සුන්දර නවාතැන්පල තියෙන්නේ උණවටන වංචාවල සුන්දර තේවත්තක් පිහිටි පුංචි කඳු මුදුනක.

තැනින් තැන පොල් ගස් සහ තැඹිලි ගස් හිටවපු අක්කර 4ක තේ වත්තක් මැද තියෙන මේ නවාතැන්පළට යාබදව තියෙන්නේ පුංචි වනාන්තරයක්. මේ නිසා පෙනුමෙන්ම මෙතන විවේකයෙන් නිස්කලංකව ඉන්න පුළුවන් අපුරු තැනක්. නිවාඩුවකට අවශ්‍ය සියලු පහසුකම් එක්ක පරිසරයට විවෘත වුන පිහිනුම් තටාකයක් මේ හෝටලයේ තියෙනවා. ඒ එක්කම තනිව විවේකයෙන් නිවාඩුව ගත කරන්න කැමති අයට වගේම කණ්ඩායම් විදිහට ඇවිල්ලා ඉන්නත් මෙතන නියමයි. නාන කාමර පහසුකම්, සැටලයිට් ටීවී පහසුකම් ආදී සියලුම පහසුකම් විතරක් නෙවෙයි තමන්ට කැමති විදිහට තනියම තේ කෝපි හදාගන්න උයාගන්න පවා පහසුකම් තියෙනවා.

leisure10 leisure12

?????????????

තමන්ගේ කැමැත්ත විදිහට, ඉන්න පිරිසේ විදිහට තෝරාගන්න Villas 3ක් මෙතන තියෙනවා. ඒ විස්තර මෙහෙමයි

4 දෙනෙක්ගේ කණ්ඩායමකට රුපියල් 9000/- යි.
තනි කාමරයේ Villa එක King size Bed එකකින් සහ Sofa bed එකකින් සමන්විතයි සාමාන්‍යෙයන් බැලුවම 3 දෙනකුට පහසුවෙන් ඉන්න පුලුවන්. අවශ්‍ය නම් 4 දෙනෙක් වුනත් දාන්න පුළුවන්.ඒකට අවශ්‍ය Metress එකක් මෙතනින් ගන්න පුළුවන්. A/C , Hot water,Mini bar මේ සියල්ලක් තියෙන මේ Villa එක සාමාන්‍යෙයන් දවසකට රුපියල් 10000/- ක් වෙනවා. හැබැයි මේ නොවැම්බර් 30 වෙනකල් මේක රුපියල් 9000/- කට ගන්න පුළුවන් විශේෂ වට්ටම් යටතේ.

18 දෙනෙකුට රුපියල් 32000/- යි
මෙතන තියෙන අනික් Villa එක කාමර 3ක එකක්. මේකේ 18 දෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පහසුකම් තියෙනවා. මේ Villa එකේ King size Beds දෙක ගානේ දාපු කාමර් 3ක් තියෙනවා. ඒ ඔක්කොම Villa එක ගන්නවා නම් රැපියල් 37000/- ක් වෙනවා සාමාන්‍යෙයන්. හැබැයි නොවැම්බර් 30 වෙනකල් තියෙන විශේෂ වට්ටම් යටතේ මේක ගන්න පුළුවන් රු. 32000/- ක් වගේ ගාණකට. මේ Villa එකේ තනි කාමර විදිහටත් ගන්න පුලුවන්. එහෙම ගන්නවා නම් 6 දෙනෙක් වගේ ඉන්න කාමරයක් රුපියල් 12000/- ක් වගේ වෙන්නේ. මේකත් මේ නොවැම්බර් 30 වෙනිදා වෙනකල් විශේෂ වට්ටම යටතේ රුපියල් 10500/- ක් වගේ ගාණකට ගන්න පුළුවන්.

6 දෙනෙකුට රුපියල් 20000/- යි
අනිත් Villa එක කාමර දෙකේ එකක්. ඒක Triple Room එකකින් සහ Double room එකකින් සමන්විත වෙනවා. මේ Triple Room එක Queen size Bed එකකින් සහ Singal bed එකකින් සමන්විතයි. ඒ කියන්නේ එකේ 3 දෙනෙකුට පහසුවෙන් ඉන්න පුළුවන් අනික් Triple Room එකේ තව දෙන්නේකුට ඉන්න පුළුවන්. එතකොට ඔක්කොම 5 දෙනෙකුට ඉන්න පුලුවන් හැබැයි 6ක් වුනත් ලොකු ප්‍රශ්නයක් නෑ. ඉන්න පුළුවන්. අර වගේම පහසුකම් තියෙන මේ Villa එක විශේෂ වෙන්නේ මේක ටිකක් ලෑලි හෙම පාවිච්චි කරලා Eco type එකට හදපු නිසා. මේ Villa එක රාත්‍රියකට රැපියල් 22000/- ක් වෙනවා සාමාන්‍යෙයන්. හැබැයි මේ නොවැම්බර් 30 වෙනකල් රුපියල් 20000/- ක් වගේ විශේෂ වට්ටමක් සහිත මිලකට ගන්න පුළුවන්.

leisure09 leisure08 leisure04

මීට අමතරව මෙහේ ඉන්න කාලේ නිවාඩුවේ පැයක් දෙකක් ගත කරන්න උස ගහක හදපු Tree House එකකුත් තියෙනවා.මීට අමතරව පොදු Swimming pool එකකුත් තියෙනවා සුන්දර වෙල්යාය එක්ක හදපු.

කෑම ගැන කියද්දි කැමති නම් තමන්ට උයාගන්නත් පුළුවන් මේ Villas‍ ඔක්කොටම පොදු මුළුතැන්ගෙයක් තියෙනවා සියලු පහසුකම් තියෙන. එහෙම නැත්තං මෙතන තියෙන Menu එකෙන් ඇණවුම් කරලා ගන්න පුළුවන්. තව ඕනෙනම් Care taker ට කියලා උයවා ගන්න පුළුවන්.හැබැයි ඒකට වෙනම අයකිරීමක් තියෙනවා ඒ ඒ පිරිස අනුව, හදන්න තියෙන කෑම ජාති අනුව ඒ අයකිරීම වෙනස් වෙනවා. ඇති තරම් එළිමහනේ ඉඩකඩ තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නැතුව බාබකියු එකක් දාගන්නත් පුළුවන්.

leisure15

leisure14

කුරුල්ලෝ බලන්න යන්න, බයිසිකල් පදින්න, ඡයාරූපකරණයට වගේම ටිකක් කැලේ ඇවිදින්නත් මේක මරු තැනක්. කුරුල්ලෝ බලන්න යනවා නම් අවශ්‍ය කරන බයිනෝ වගේ උපකරණ දෙන්නත් මෙතන කට්ටිය ලෑස්තියි. ඒ වගේම බයිසිකල් පදින්න කැමති අයට බයිසිකල් දෙන්නත් අවශ්‍ය තවත් පහසුකම් දෙන්න කටයුතු ලෑස්ති කරලා තියෙන්නේ.

මෙතන ඉඳලා උණවටුනට තියෙන්නේ කිලෝමීටර් 7යි, ජංගල් බීච් එකට කිලෝමීටර් 4යි, ගාලු කොටුව කිලෝමීටර් 7යි. කොක්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයට කිලෝමීටර් 8යි මේ වගේ තව ගොඩාක් තැන් බලන්න යන්න මේක නියම තැනක්. නිවාඩුවට මෙතන වෙන් කර ගන්නවා නම් කථා කරන්න 0773596161 අංකයෙන් ඇවිදිමු අපිට.

@Teamawidimu

 

 

 

 

GALLE , Galle , Galle hotels,

kdktec kdktec

No comments yet.

Leave a Reply