උල්පත් වතුරින් නාලා දවසක් ඉන්න මරු තැනක්

bubula Ready 1

Day outing එකක් කියන්නේ සාමාන්‍යයෙන් එකට වැඩ කරන සෙට් එක හරි, පවුලේ කට්ටිය හරි අවුරුද්දකට දවසක් එකට හම්බවෙලා කාලා බීලා නාලා නටලා විනෝද වෙලා දවස ගත කරන වැඩක්. එහෙම Day outing එකකට යනවා නම් ගොඩාක් දෙනෙක් බලන්නේ කොළඹ කිට්ටුව තැනක්. මොකද ගොඩාක් දුර ගිහිං දවස ගත කරලා එන එකා පාඩු නිසා. මේ වගේ Day outing එකක් Plan කරන අය නිතරම හිතනවා ටිකක් වෙනස් විදිහේ තැනක් තිබුනොත් හොඳයි කියලා.මොකද හැමදාම කොන්ක්‍රීට් බිත්ති අතරේ හිරවෙලා ජීවත් වෙලා එදා දවසත් එහෙම කොහේ හරි ඇතුළක ගත කරන එකේ කිසි ගතියක් නෑ. මේ නිසා ගොඩාක් අය එළිමහනේ ගහට කොළට ලංවෙලා ඉන්න පුළුවන් තැනක් තමයි Day outing එකට හොයන්නේ.

bubula Ready 2 bubula Ready 4

එහෙම Day outing එකක් ගැන හිතනවානම් ඒකට නියම තැනක් තියෙනවා නිට්ටඹුවේ ඌරාපොල. මෙතන තනිකරම Eco friendly Location එකක්. හෝටලයක් නෙවෙයි මේක Day outing location එකක්. මෙතන තියෙනවා ස්වාභාවික දිය උල්පතකින් හදපු swiming pool එකක්. වෙන swiming pool වලදි නාන්න වෙන්නේ නල ජලය. හැබැයි මේක එහෙම නෑ. මෙතන තනිකරම තියෙන්නේ උල්පතින් එන ජලය. ඒ නිසා සිහිලස කියන එක උපරිමයට තියෙනවා මෙතන. ඒ හින්දා උල්පත් ජලයේ හොඳහැටි නාගන්න, ඒකේ වෙනස අත්විඳින්න කියාපු තැනක් තමයි මේක.

bubula Ready 8 bubula Ready 7 bubula Ready 5

මෙතන හොඳට සෙල්ලම් කරන්න ඉඩ කඩ තියෙනවා. එහෙම Day outing එකකට යන අයට පොඩි පොඩි games ටිකක් කරලා විනෝද වෙන්න මෙතන නියමයි. කෑම කනවා නම් කෑම කන්න තියෙන්නේ, Drink එකක් දානවා නම් Drink එකක් දාන්න තියෙන්නේ පොල් අතු හෙවිල්ලපු Eco friendly විදිහට හදපු මඩුවක්. කෑම කන්න බුෆේ එක දාන්නෙත් මෙතන. මැටි මුට්ටි වල පරිසර හිතකාමීතිවය ආරක්ෂා වෙන විදිහට තමයි මෙතනදි කෑම ලැබෙන්නේ.

මෙතන ගණන් හිලව් වුනත් හරිම සාධාරණයි. Day outing වලට මෙතන තියෙනවා පැකේජ් දෙකක්.

Package 01 (Minimum 10 pax) – මේ පැකේජ් එක සතියේ දවස් වල  විතරයි තියෙන්නේ – සති අන්ත සහ නිවාඩු දවස් වල මේ පැකේජ් එක ක්‍රියාත්මක නෑ.

RATE : 1500/= P P
TIME : 9.00 am to 4.00 p.m
INCLUDES : Welcome drink
Lunch with 6 curries (Srilankan Buffet with Chicken, Pork Or Fish)
BBQ Facility (Customer Should Bring the Meat & Charcoal)

පැකේජ් අංක 1 ට අඩුම 10 දෙනෙක් ඉන්න ඕන. උදේ 9.00 ඉඳලා හැන්දෑවේ 4.00 වෙනකල් මෙතන ගත කරන්න පුළුවන්. වෙල්කම් ඩ්‍රින්ක් එක, කුකුල් මස් හෝ ඌරු මස් හෝ මාළු එක්ක එළවලු 6ක ශ්‍රීලාංකික බුෆේ එකක්, මේ පැකේජ් එකට ලැබෙනවා. කාටහරි BBQ එකක් ඕන නම් එන අය මස් සහ අඟුරු අරගෙන ආවම ඒක දාලා දෙන්න පුළුවන්. මීට අමතරව Swimming pool එක පාවිච්චි කරන්න, තව ඕන නම් Games කරන්න පුළුවන්. මේ පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 1500/- ක් වෙනවා.( අවම 10 දෙනෙක්ගේ ටීම් එකක් ඉන්න ඕන මේ පැකේජ් එක ක්‍රියාත්මක කරන්න)

Package 2 (Minimum 8 pax ) – සති අන්ත සහ නිවාඩු දවස්වල මේ පැකේජ් එක විතරයි තියෙන්නේ

RATE : 2500/= P.P
TIME : 8.30 a.m to 6.30 p.m
INCLUDES : Breakfast
Refreshment
Lunch with 8 curries (Srilankan Buffet with Chicken, Pork Or Fish)
Refreshment
BBQ Facility

පැකේජ් අංක 2 ට අඩුම 8 දෙනෙක් හිටියාම ඇති. උදේ 8.30 ඉඳලා හවස 6.30 වෙනකල් මෙතන ඉන්න පුළුවන්. වෙල්කම් ඩ්‍රින්ක් එක, තැඹිලි ගෙඩියක් , කුකුල් මස් හෝ ඌරු මස් හෝ මාළු එක්ක එළවලු 8 ක ශ්‍රීලාංකික බුෆේ එකක්, හවසට පළතුරු පැලට් එකක් මේ පැකේජ් එකට ලැබෙනවා. මීට අමතරව හවසට යන්න කලින් උණු උණු පොල්රොටී සහ කට්ට සම්බෝල පාරකුත් දාගන්න පුලුවන්. මේ පැකේජ් එකේ තියෙන විශේෂත්වය තමයි වැඩි වෙලාවක් මෙතන ගත කරන්න ලැබෙන එක, ඊට අමතරව උදේ 10.30ට විතර Pool එකේ බැහැලා ඉන්නකොට කපපු තැඹිලි ගෙඩියක් ලැබෙන එක, තව තම්බපු මඤ්ඤොක්කා, බැදපු කුකුල් මස්, ආහාර වලට අමතරව ලැබෙන එක, තව කට්ටියටම බෙදාගෙන රස විදින්න පුළුවන් හොඳ පළතුරු වට්ටියක් ලැබෙන එක මෙතනදි විශේෂයි. කාටහරි BBQ එකක් ඕන නම් අර අතරවාරයේ දෙන බැදපු කුකුල් මස් ටික BBQ එකක් විදිහට දාලා දෙන්න පුළුවන්. එහෙම නැත්තං එන අය මස් සහ අඟුරු අරං ආවොත් මෙතනදි දාගන්නත් පුලුවන්.

bubula Ready 3 bubula Ready 9 bubula Ready 6

මේ පැකේජ් දෙකටම බෝතල් අරං එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඒවට අමතර අයකිරීම් නෑ හැබැයි Bites ගන්න ඔන් මෙතනින්. සාමාන්‍යෙයන් ඩෙවල් චිකන් 1KG – 1250/-LKR, Pork 1KG – 1250/-ක් වගේ වෙනවා. එහෙම නැතුව මඤ්ඤොක්කා වගේ දෙයක් ගන්නවා නම් කිලෝවක්ම රුපියල් 250/- ක් වගේ ගාණකට හදාගන්න පුළුවන්.

ඇත්තටම කිව්වොත් නිදහසේ නාලා, කාල බීලා ඉන්න මෙතන නියම තැනක්. අනික එක දවසකට එක කණ්ඩායමක් විතරයි දාන්නේ. ඒ නිසා නිදහස කියන එක උපරිමයෙන් තියෙනවා. හෝටල් වල වගේ දරුණු නීති රීති පද්ධතියක් නෑ. නිදහසේ විවේකය ගත කරන්න පුලුවන්. Bath room  එක්ක  Changing room එකක් වෙනමම තියෙනවා.

ඔයාගේ Day outing එකට මෙතන වෙන් කරනවා නම් “ඇවිදිමු “ අපි ලෑස්තියි මෙතන වෙන් කරලා දෙන්න. කථා කරන්න 0759596161 ඇවිදිමු අපිට.

@teamawidimu

 

DAY OUTING , COLOMBO , SPEND THE DAY , day out location

#dayouting #spendtheday #ecoholyday

kdktec kdktec

4 Responses to “උල්පත් වතුරින් නාලා දවසක් ඉන්න මරු තැනක්”

  1. Nimal premathilaka
    January 13, 2018 at 11:25 pm #

    Good plase we will join

  2. Sunanda
    April 4, 2018 at 9:16 am #

    Hi..
    All goo
    Only problem is there should be minimum number of participance.. if u change that ideal.. bcos family may consists only 3 or 4 now…
    What about for childrens.. i mean under 12..

  3. May 31, 2018 at 3:55 am #

    Hi, I find your website very successful, I follow you constantly, you have very useful information and services, I wish you continued success, I also thank you very much for sharing

  4. May 31, 2018 at 5:00 am #

    Hi your website very profeccionel i always following your website. Your services exellent and price are soo reliable.I wish you continued success. Kind REGARDS..

Leave a Reply