කොළඹට කිට්ටු තැනකින් විවේකය නිදහස හොයාගෙන යන අයට ගැලපෙන නියම තැනක් තමයි මේ. මේ විලා එක තියෙන්නේ වාද්දූවේ. ඒ කියන්නේ කොළඹ ඉඳලා ගත්තම හරිම ළඟයි. වාද්දුව කිව්වට මේක තියෙන්නේ මුහුද අද්දරම නෙවෙයි. ඒ නිසා මුහුදේ කර්කෂ බව මෙතනදි දැනෙන්නේ නෑ. මෙතන ඉඳලා මුහුදු වෙරළට මීටර් 30 ක් විතර දුර තියෙනවා. ඒ නිසා හවස් වරුවක මුහුදු වෙරළේ ලස්සන බලන්න, වෙරළේ ඇවිදින්න, රැල්ල පාගන්න මෙතන නියමයි. ඇත්තටම මෙතන නිදහසේ පාඩුවේ සුපිරි විදිහට විවේකයක් ගතකරන්න නියම ගැලපෙන තැනක්.
අළුතින් ඉදිකරපු මේ විලා එකේ A/C කරපු කාමර 4ක් තියෙනවා. ඒ කියන්නේ පහසුවෙන් 8 දෙනෙකුට ඉන්න පුළුවන්. හැබැයි 10 දෙනෙකුට වුනත් ඉන්න බැරිකමක් නෑ. ඉඩකඩ share කරගන්නවා නම් ඉන්න පුළුවන්. හැම කාමරයකටම Attach bathrooms එක්ක සියලු පහසුකම් ඇතිව තමයි මේ විලා එක හදලා තියෙන්නේ. හොඳට ඉඩකඩ තියෙන විදිහට හදලා තියෙන මේ විලා එකේ Swimming pool එකක් තියෙනවා. වටේට ලී වලින් හදපු Deck එකක් එක්ක සුපිරි විදිහට හදපු pool එකක් ඒක. ඒ වගේම විලා එක වටේටම තාප්ප ගහලා ආවරණය කරලා තියෙන නිසා නිදහස කියන එක අකුරටම ආරක්ෂා වෙනවා.
මේ විලා එක ගන්න එක රැයක් සදහා රුපියල් 28000/= ක් වෙනවා. මේ ගාණට කෝකියෙකුත් ලබා දෙනවා. මේ නිසා අවශ්‍ය දේවල් අරං ගිහිල්ලා කෝකියාට කියලා කැමති විදිහට හදවාගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම BBQ සඳහා අවශ්‍ය facility ඔක්කොම මෙතෙන තියෙනවා. අවශ්‍ය අඟුරු , සෝස් සහ මස් වර්ග අරං ආවොත් මෙතන BBQ එකක් දාගන්නත් පුළුවන්.
නිවාඩුවට විවේකයට පවුලේ අය ගිහිල්ලා සතුටින් දවසක් දෙකක් ඉඳලා එන්න තැනක් හොයනවා නම් මේක නියම තැනක්. මෙතන වෙන් කරගන්නවා නම් කථා කරන්න awidimu.com hotline එක 0759596161 ට.
@teamawidimu
#WADDUWA , Wadduwa ,