බිරිඳ ඔසවාගෙන දිවීමේ තරඟය මෙන්න

Wife Carring 07

awidimu.com අපි ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ වටේ තියෙන සුන්දර දේවල් ගැනත් කථා කරනවා. මේ එහෙම එකක්.

කසාදයක් බැන්දම පවුල් බර කරට ගන්නවා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒත් පින්ලන්තයේදී මේක ඇත්තටම කරලා පෙන්වන්න පුළුවන් ක්‍රීඩාවක්. ඒ කියන්නේ තමන්ගේ බිරිඳව ඔසවාගෙන දිවීමේ ක්‍රීඩාව ෆින්ලන්තයේ සාම්ප්‍රදායික ජනප්‍රිය ක්‍රීඩාවක්. මේ තරඟ ඉසව්ව හැම අවුරුද්දකමය ජුලි මාසේ පළමු සෙනසුරාදා දවසේ ෆින්ලන්තයේ Sonkajärvi නගරයේදී පැවැත්වෙනවා.

AFP/Getty 521181407

2016 North American Wife Carrying Championship

Wife Carring 03 Wife Carring 04 Wife Carring 05

ෆින්ලන්ත ජාතිකයින් සඳහා විවෘත මේ තරඟයට හැම අවුරුද්දකම ඉතා විශාල පිරිසක් සහභාගි වෙනවා. 1992 ඉඳලා විධිමත් විදිහට පැවැත්වෙන මේ තරඟාවලියේ අරමුණ තමයි පවුල් ජීවිතය සාර්ථක කිරීම සහ සහයෝගය වර්ධනය කිරීම. මේ සාර්ථකත්වය වෙනුවෙන් සැමියා විසින් තමන්ගේ බිරිඳව කකුල් දෙකෙන් ඔසවාගෙන අතරමඟ හමුවෙන බාධක මගහැරලා අරං යන්න ඕන. එහෙම මුලින්ම අරං යන කෙනා මේ තරඟයෙන් ජයග්‍රහණය කරනවා. එහෙම ජයග්‍රහණය කරන කෙනාට එයා උස්සගෙන ආපු බිරිඳගේ බර ප්‍රමාණයට සමාන පරිමාවකින් යුත් බියර් පිරිමනවා. තව තෑගි ගොඩාත් ලැබෙනවා.

Wife Carring 10 Wife Carring 11 Wife Carring 09 Wife Carring 08

තමන්ගේ බිරිඳගේ කකුල් වලින් ඔසවාගෙන (ඇයගේ හිස පහතට හිටින සේ ) මීටර් 250ක දුරක් බාධන මැදින් දුවන්න වෙනවා. වැලි, තණකොළ,වියළි කාෂ්ඨක පොළව සහ මීටරයක් ගැඹුරු වතුර ප්‍රමාණයක් අතරින් බිරිඳව බිම නොතියා මුලින්ම රැගෙන යන ජයග්‍රාහකයාට ත්‍යාග හිමිවෙනවා. මේ අභියෝග ජයගෙන බිරිය එක්ක ජයග්‍රහණය කරන්න දෙන එකම උපකරණය බෙල්ට් එකක් විතරයි.

මේ තරගෙට සහභාගි වන බිරින්දෑවරු වයස අවුරුදු 17 ට වැඩි වෙන්න ඕන, ඒ වගේම කිලෝ 49ට වඩා බර වෙන්නත් ඕන.

ලංකාවෙත් අපි එකක් සංවිධානය කරමු ද? මොකද කියන්නේ කට්ටිය.

 පහුගියදා පැවැත්වුන තරඟයේ වීඩියෝව මෙතනින් නරඹන්න

@Teamawidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply