කොළඹට කිට්ටුව නාන්න යන්න නියම තැනක්

wee oya (5)

කට්ටිය එකතු වුනාම නිවාඩු දවස්වලට කොහේ හරි ලස්සන තැනකට නාන්න යන එක කවුරුත් කරන දෙයක්. එහෙම යනවා නම් ඒ යන තැන ගැන විස්තර දැනගෙන යන්න ඕනේ.මොකද නොදන්න තැන්වල වතුරේ බහින්න යන එක භයානකයි.මේ නිසා තමයි ඇවිදිමු අපි ඔයාලට ඒ වගේ ආරක්ෂාකාරී ලස්සන තැන් ගැන නිතර කියන්නේ.

wee oya (6)wee oya (3)

මේක තියෙන්නේ යටියන්තොට. යටියන්තොට කිව්ව ගමන්ම ලස්සන සුන්දර පළාතක් කියලා කවුරුත් දන්නවා. කොළඹ ඉදලා හැටන් පාරෙන් යටියන්තොට නගරයට ගියාම එතනින් වමට තියෙනවා පාලම්පිටිය පාර කියලා පාරක්. අන්න ඒ පාරේ කිලෝමීටර් 6ක් විතර ගියාම මේ ස්වාභාවික නාන තටාකය හම්බවෙනවා. මේකට කියන්නේ වී ඔය කියලා. හරිම ආරක්ෂිතයි. නොගැඹුරු ජලය එක්ක සැඩ පහර වැඩිය නැති ලස්සන සුන්දර තැනක් තමයි මේ.

wee oya (1) wee oya (11) wee oya (12)

කොළඹ ඉඳලා ඒ තරම් දුරක් නැති නිසා ප්‍රශ්නයක් නැතුව එක දවසින් ගිහින් එන්න පුළුවන් ගමනක් මේ. ඒ වගේම ස්වාභාවික පිරිසරය එක්ක ඇති තරම් ගතකරන්න නියම අවස්ථාවක් විදිහටත් මෙතන හඳුන්වන්න පුළුවන්. හැබැයි එක කොන්දේසියක් මෙතන ලස්සන තවත් පරම්පරා ගානක් රැකගන්න එහෙම නැත්තං ඊළග පාර ඔයා එනකොටත් මෙතන මේ විදිහටම තියාගන්න නම් පරිසරය අපවිත්‍ර කරන්නේ නැතුව නාලා විනෝද වෙලා එන්න ඕන.මොකද මේ වගේ තැන් ගැන ප්‍රසිද්ධ කලාම වෙන්නේ අපේ අය ගිහිං එතන විනාශ කරලා එන එක.

wee oya (7)

ඒ නිසා ඒ ගැන වැඩිපුර හිතන්න. මේ ගහකොළ නොඉදුල් දිය දහරා හැමදාම පවත්වාගෙන යන එක අපේ වගකීම. ඒ නිසා ඒ වගකීම ගැන දන්න අය මෙතනට යාවි. ඔබ ගියාට පස්සේ කවුරු හරි පරිසරය අපවිත්‍ර කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඔබට පුළුවන්. මොකද මේ වගේ ලස්සන තැන් අපි ආරක්ෂා කරගත යුතු නිසා.

තොරතුරු හා ඡායාරූප – චන්න ජයවර්ධන

kdktec kdktec

No comments yet.

Leave a Reply